Home විදෙස් පුවත් මියන්මාරයේ විරෝධතාකරුවන් 38ක් මරුට

මියන්මාරයේ විරෝධතාකරුවන් 38ක් මරුට

0
මියන්මාරයේ විරෝධතාකරුවන් 38ක් මරුට

මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ, විරෝධතා මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ආදාළ පිරිස මියගොස් ඇති බවයි.

ආරක්ෂක අංශ විසින් අනතුරු ඇඟවීමකින් තොරව විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙය දරුණු කම්පන තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මියන්මාර තනාපතිනිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, මේ වනවිට 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් විරෝධතා අතරතුර මියගොස් ඇති බවයි.

පසුගිය පෙබරවාරි 01 වැනි දා මියන්මාර හමුදාව එරට නායිකා අවුන් සාන් සුචී ඇතුළු නායකයින් අත්අඩංගුවට ගනිමින් පාලන බලය සියතට ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here