මේ වන විට අසල්වැසි ඉන්දියාව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දැඩි ලෙස අසරණ භාවයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේත් ඉන්දියාවෙන් ලක්ෂ 03කට අධික වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුව තිබෙන අතර එම ගණන සටහන් වුයේ ආසාදිතයින් 332,503 ක් ලෙසයි.
මේ අතර එරට කොරෝනා ආසාදිත රෝගීන් බොහොමයක් ප්‍රතිකාර නොමැතිව මහ මග මිය යන බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. එමෙන්ම ඉන්දියාවේ රෝහල්වල දැවැන්ත ඔක්සිජන් හිඟයක් ද පවතින අතර රෝහල්වල සිටින රෝගීන් ඔක්සිජන් නොමැතිව මිය යන බවත් ප්‍රමාණවත් ඉඩ පහසුකම් ද රෝහල්වල නොමැති අතර රෝහල් වලට රෝගීන් ඇතුලත් කර ගැනීමට ද නොහැකි තත්වයක් ඒ තුලින් ඇතුව තිබෙන බව සදහන්.
එමෙන්ම ඉන්දියාවේ පළමු ඔක්සිජන් දුම්රිය බහාලුම් 7ක් රැගෙන මහරාශ්ට්ර ප්‍රාන්තය බලා පිටත්ව ගොස් තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.




