ඉන්දියාවේ මේ වන විට පවතින තත්ත්වය පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීගේ කණගාටුව

Share

මේ වන විට සමස්ත ඉන්දියාව ම කොරෝනා දෙවන රැල්ල හමුවේ අඩපණ වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩොනොම් සදහන් කරනවා. මේ පිළිබවද අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ඉන්දියාවේ පවතින තත්ත්වය ඉතා ශෝචනීය බවයි.

ඉන්දියාවේ උග්‍ර ඔක්සිජන් හිඟයක් පවතින බවත් එරට සෞඛ්‍ය අංශ ඔවුන්ට පුළුවන් උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා කැපවන බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ. එමෙන්ම සිය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය කාර්යංශය ඔක්සිජන් ඇතුළු ජංගම රෝහල් ආදී සපයමින් මේ වන විට ඉන්දියාව මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් 2600 ක් පමණ වූ සෞඛ්‍ය සේවකයින් පිරිසක් මේ වන විටත් තත්වය පාලනය කිරීම සදහා යොදවා තිබෙන බවයි පවසන්නේ.

එමෙන්ම අමෙරිකාව ද ඉන්දියවේ මේ වසංගත තත්වය පාලනය කිරීම සදහා ආධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Read more

Local News