මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, දෙමාපියන්,ගුරුභවතුන්, ව්‍යවසායකයන් ආදී විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් ආවරණය වන පරිදි වෘත්තීය මාර්ගෝපදේශය හා මානව සම්පත් සංවර්ධනයට අදාලව විවිධ වැඩසටහන් සිදුකරනු ලබයි. මෙම වැඩසටහන් 2021-06-14 දිනසිට මාර්ගගත ක්‍රමය ඔස්සේ නොමිලේ පුහුණු වැඩමුළු ලෙස පැවැත්වේ. මෙම වැඩසටහන්වල පටිගත කිරීම් දෙපාර්තමේන්තුවේ face book පිටුවට උඩුගත (upload) කෙරේ.





