දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

Share

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික යටිබිම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130 වැනි කිලෝ මීටර් කණුව ප්‍රදේශයේ ඉදිකළ කපුදුව අන්තර් හුවමාරුවෙන් කඹුරුපිටිය, මාතර හා හක්මන නගර වෙත ප්‍රවේශ වියහැකි අතර මෙය ඉදි කිරීම සදහා වියදම රුපියල් මිලියන 445 ක්.

මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට යටිබිම් හරස් මග ද චීන එක්සිම් බැංකුවේ ආධාර යටතේ රුපියල් මිලියන 127 ක් වැය කරමින් ඉදි කර තිබෙනවා. එයද ජනතා අයිතියට අද පත් කරනු ලැබූවා.

Read more

Local News