දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට තද වැසි සහ අකුණු ඇතිවීමේ අවදානමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මුලතිව්, වව්නියාව, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



