සියලු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම්

Share

සියලු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කලේ,

“හැම ගුරුවරයෙකු සඳහාම එන්නත ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. මේ රටේ ඉන්නවා ගුරුවරුන් 242,000ක් විතර. මාත්‍රා දෙකම අපි වෙන් කරලා ඒ වැඩපිළිවෙල දියත් කරනවා. ඒ වගේම අපි දැවැන්ත උත්සායක් දරනවා පාසල් යළි විවෘත කිරීමට.” යනුවෙන්.

Read more

Local News