හේමසිරි – පූජිත්ට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙ‌දෙනාට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරල තිබෙනවා.

ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා මෙම නඩුව ජුරි සභාවක් නොමැතිව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා. එය සලකා බැලීමෙන් අනතුරුව අග විනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදහා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

Read more

Local News