කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබදව ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ඒ අනුව අදාල හෙදිය විසින් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයකදී කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.




