දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි

Share

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්,ගාල්ල, මාතර, මහනුවරසහනුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර,මඩකලපුව, වවුනියාව සහ මුලතිවුදිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු ,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News