වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක් වතුර නෑ

Share

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව හෙට උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වත්තල, හැඳල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියා තුඩුව පාර, දළුපිටිය හා අක්බාර් පාලම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read more

Local News