වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12ක් වතුර නෑ

Share

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වා වත්තල, හැදල, ඇළකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩ්කන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලිය තුඩුව පාර, දළුපිටිය පාර සහ අක්බාර් පාලම යන ප්‍රදේශවලට අදාළ කාලය එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read more

Local News