තණමල්විල – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්

Share

තණමල්විල – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සෙවනගල, ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 56 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

කැබ් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී කැබ් රථයේ ගමන් ගත් කාන්තාවක් මියගොස් රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා. මියගිය කාන්තාව කැබ් රථය පැදවූ රියදුරුගේ මව වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Read more

Local News