චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන ඉහළ දැමීමට අදාල නීතිය එරට බලධාරීන් විසින් අනුමත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම නීතිය පැවතුනේ වීවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන දෙදෙනෙක් ලෙසයි.
ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩු වී ඇති හෙයින් එම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.




