දැනට කොවිඩ් වසංගතය ආරම්භ වී මාස 19 ක් පමණ වේ. නිල දත්ත වාර්තාවලට අනුව මේ වන විට මිය ගොස් ඇති සංඛ්යාව ලක්ෂ 50 කට වැඩි වේ. ඊයේ දිනය තුළත් මරණ 14,400 ක් වාර්තා වී ඇත.
ලෝක ජනගහනයෙන් මිලියන 246.7 කට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වේ. ගෙවුණු දින කිහිපය තුළ දළ වශයෙන් වෛරසය ආසාදිතයන් ලක්ෂ 3 කට වැඩි සංඛ්යාවක් හදුනා ගෙන ඇති බවත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ Our World In Data වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ලෝකය පුරා කොවිඩ් හේතුවෙන් මිය ගිය ලක්ෂ 50ක් වූ පිරිස සත්ය වාර්තාව නොවන බව ලෝක සෞඛ්ය සංවිධානය ප්රකාශ කරයි. බොහෝ රටවල ග්රාමීයව සිදු වූ මරණ මෙම සංඛ්යාවට නිසි ලෙස ඇතුලත් වූ බවක් දක්නට නැති බව ලෝක සෞඛ්ය සංවිධානය තවදුරටත් පෙන්වා දෙයි.
මේ අනුව එම සංවිධානය පවසන්නේ ලෝකය පුරා කොවිඩ් මරණ කෝටියක් හෝ ඊට වැඩියෙන් සිදු වන්නට ඇති බවයි.



