කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) සවස රතු නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙයි.
දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.