රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය මේ මස 14 න් අවසන්

Share

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය නොවැම්බර් මස 14 දිනෙන් අවසන් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, 2021.10.31 දින සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා නොවැම්බර් මස 14 දින දක්වා අතිරේක දඩ මුදල් රහිතව භාර ගැනීමත්, ඉන් පසුව දින 28 දක්වා අතිරේක දඩ මුදල් අයකර ගන්නා බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කරයි.

එමෙන් ම නොවැම්බර් මස 01 වනදා සිට කරන ලද වැරිදි සම්බන්ධයෙන් වූ දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් භාර ගැනීමත්, දින 28ක් දක්වා වූ රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අය කර භාර ගැනීමත්, දින 28ක කාල සීමාව ඉක්මවු රථවාහන දඩපත්‍රිකා භාර නොගන්නා බවත් තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Read more

Local News