Home දේශීය පුවත් හෙට කොළඹට පැය 28ක ජල කප්පාදුවක්

හෙට කොළඹට පැය 28ක ජල කප්පාදුවක්

0
හෙට කොළඹට පැය 28ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

හෙට පෙරවරු 08.00 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරනවා.

ඊට අමතරව කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here