පෝලන්ත – බෙලරූස් දේශසීමාවේ තත්ත්වය තවත් දරුණු අතට

Share

මේ වන විට බෙලරූස් දේශසීමාවේ තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබෙනවා.
මේ හේතුවෙන් බෙලරූස් දේශසීමාවට සම්බාධක පැනවීමටයි යුරෝපා සංගමය තීරණය කර ඇත්තේ.

බෙලරුසියාවට සිය සංක්‍රමණිකයන් පෝලන්තය දෙසට තල්ලු කළ බවට චෝදනා එල්ල වනවා. නමුත් ඔවුන්ට එල්ල වන චෝදනා බෙලරුසියාව ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ.

ඊයේ පෝලන්ත හමුදාව සංක්‍රමණිකයන් සිය ගණනක් හරස් මාර්ගයක දී අවහිර කරනු ලැබුවා.
කටු කම්බි වැටවල් ඉදිරිපිට පෝලන්ත හමුදා නොසන්සුන්ව සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම අවස්ථා වීඩියෝගත කිරීමට ගිය මාධ්‍යවේදීන් බොහෝ කණගාටුදායක සිද්ධි සිය කැමරාවල සටහන් කර ගැනීමට සමත් වුණා.
සමහර කුඩා දැරියන් විවිධ දෑ ඉල්ලා මාධ්‍යවේදීන් අසළ හඩා වැටුණා. ඒ අතර කිරි ඉල්ලා හැඩූ දරුවන් ද වනවා.

පෝලන්ත බෙලරුසියානු ආරක්ෂකයින් අතර මේ සංක්‍රමණිකයන්ට සිරවී බලා සිටීමටයි සිදුව ඇත්තේ.

මොවුන්ට පෝලන්තය හෝ බෙලරුසියාව යන ප්‍රදේශ දෙකටම යාම මේ වන විට අවහිර කර දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News