ආසියාවේ සහ යුරෝපයේ කුරුලු උණ පැතිරේ, කුරුලු කර්මාන්තයට අනතුරු ඇඟවීම්

Share

කුරුලු උණ ආසියාවේ සහ යුරෝපයේ පැතිරෙන බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් කුරුලු කර්මාන්තයට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.


පසුගිය දිනවල දී යුරෝපයේ සහ ආසියාවේ දරුණු කුරුලු උණ තත්ත්වයක් වාර්තා වුණා.


මීට පෙර පැතිරගිය කුරුලු ඉන්ෆ්ලුවෙන්සා වසංගත නිසා මිලියන ගණනක් කුරුල්ලන් මරා දැමීමටයි සිදු වුණේ.


කුරුලු වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි නිසා මේ පිළිබඳව වසංගත රෝග විද්‍යාඥායින්ගේ අවධානය යොමුව තිබෙනවා.


මේ වන විට දකුණු කොරියාව, ජපානය සහ නෝර්වේ යන රටවල්වල විශාල ලෙස කුරුලු උණ ව්‍යාප්ත වන බවටයි වාර්තා වන්නේ.


මේ හේතුවෙන් සතුන් සියල්ලන් ම මරා දැමීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News