බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Share

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව පිලිබඳව අවධානයෙන් කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට 100mm ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.

එසේ ම සෙසු ප්‍රදේශවලට ද 75mm ඉක්ම වූ තද වැසි තත්ත්වයන් ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට තද වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකියි.

තද සුළං සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News