නයිජීරියාවේ ජෝස් නගරයේ බන්ධනාගාරයකට එල්ල වූ ප්‍රහාරයකින් 10 දෙනෙකු මරුට – රැඳවියන් 250 ක් පලා යයි

Share

නයිජීරියාවේ මධ්‍යම ජෝස් නගරයේ බන්ධනාගාරයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තුවක්කුකරුවන් කණ්ඩායමක් මෙම බන්ධනාගාරයකට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර දීම සිදු කළ මෙම කණ්ඩායම කවුරුන්ද යන්න නිශ්චිතව සඳහන් නැහැ.

නමුත් මෙම පහර දීමෙන් 10 දෙනෙකු මිය ගොස් 250කට වැඩි පිරිසක් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News