ගෑස් ප්‍රශ්නය පිළිබඳ සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න – සජිත් ප්‍රේමදාස

Share

මේ අතර අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග ගෑස් පිළිබඳ පවතින අර්බුදය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළා.

විපක්ෂ නායකවරයා එහිදී යළිත් ඉල්ලා සිටියේ ගෑස් ප්‍රශ්නය පිළිබඳ සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසයි.

මෙහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කලේ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දින විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවන බවයි.

කෙසේ වෙතත් රටට අවශ්‍ය කරුණක් පිළිබඳ සාකච්ඡා කිරීමේදී පාර්ලිමේන්තුව තුළ ඇමතිවරුන් නැතිකම පිළිබඳව කතානායකවරයා සිය අප්‍රසාදය පළ කර සිටියා.

Read more

Local News