ඉස්තාන්බූල්හි දරුණු සුළි කුණාටුවක්

Share

ඉස්තාන්බූල්හි දැවැන්ත කුණාටුවකින් මේ වන විට 04 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ(29) අළුයම සිට ඉතා දරුණු කාලගුණික තත්ත්වයකට ඉස්තාන්බූල්හි වැසියන්ට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලිවල වහලය ගැල වී ගොස් නගරයේ බොහෝ ස්ථානවල සුන්බුන් දක්නට ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

මිය ගිය සහ තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි බලධාරීන් පවසන්නේ.

අධික වර්ෂාව සහ සුළි කුණාටු තත්ත්වය නිසා සුන්බුන් ඉවත් කිරීම සහ විපතට පත් වූවන්ට සහන සැලසීමට ද බරපතල බාදා පැමිණ තිබෙනවා.

Read more

Local News