ගෑස් සිලින්ඩර් ආශ්රිත ගිනි ගැනීම් හා පුපුරා යාම් අද රටේ හතර කොනින්ම වාර්තා වනවා.
ජනතාව මේ තත්ත්වයත් එක්ක කුස්සියට යන්නේ මර බියකින්.
තත්ත්වය දිනෙන් දින බරපතල වීමත් එක්ක ඒ ගැන ජනාධිපතිවරයාගේත් අවධානය යොමු වී තිබෙනවා.
ගෑස් ආශ්රිත ගිනි ගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ෂණයට වගේම ඊට විසඳුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කමිටුවක් පත් කළා.