ඔමික්‍රෝන් කලබලයට හේතුවක් නෙමෙයි – අමෙරිකානු ජනාධිපති කියයි

Share

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය කලබලයට හේතුවක් නොවන බව අමෙරිකානු ජනාදිපති ජෝ බයිඩන් පවසනවා.

රට තවමත් වසා දැමීමට අවශ්‍ය වන්නේ නැති අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ

එසේ ම මුහුණු ආවරණ අනිවාර්යයෙන් ම පැළදිය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවේ ලොව රටවල් 37 ක් පමණ මේ වන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනමක් පනවා ඇති අතර අමෙරිකාව ද ඊට ඇතුළත්.

මෙම වෛරසය පිලිබඳ ලොවට සඟවන්නේ නැතිව දැනුම් දීම සම්බන්න්දයෙන් දකුණු අප්‍රිකාවට ගෞරවය හිමිවන බවයි අමෙරිකාවේ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඔමික්‍රෝන් වෛරසය පිළිබඳ ඉතා ඉක්මණින් ලොවට දැනුම් දුන් බැවින් ඒ ගැන ප්‍රශංසා කළ යුතු බවයි.

Read more

Local News