ඔමික්‍රෝන් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Share

ශ්‍රී ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය අද පෙරවරුවේ නිවේදනය කළා.

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනය සදහා ජනවාරි වන විට එන්නතක් නිපදවන බව නොවැක්ස් සමාගම පවසනවා.

දැනට පවතින එන්නත්වලට ඔමික්‍රෝන් මර්දනය කළ හැකිද යන්නත් පරීක්ෂා කරමින් පවතින බවයි සමාගම පවසන්නේ.

එන්නත් නොකළ පුද්ගලයින්ව අගුලු දැමීමට ජර්මනිය දැඩි තීන්දුවක් ගෙන තිබෙනවා.

ඔමික්‍රෝන් ඇතුලු කොවිඩ් ප්‍රභේද සදහා රටම සූදානම් කිරීමට ජෝ බයිඩන් සුදානම් වන බව වාර්තා වනවා.

ඒ යටතේ සෑම පුරවැසියෙකුටම කොවිඩ් පරීක්ෂා කිරීමේ කට්ටල නොමිලේ ලබා දීමටයි සැළසුම් කර ඇත්තේ.

Read more

Local News