පුපුරායාම් වලට හේතුව ගෑස් සිලින්ඩර සංයුතිය බව ජනපති පත්කළ කමිටු සාමාජික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක කියයි

Share

ශ්‍රී ලංකාවේ ගෑස්වල නියම සංයුතිය නැති බව ගෑස් පිළිබද සොයන කමිටුවේ සමාජික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා පවසනවා.

මෙම මාස කිහිපය ඇතුළත බොහෝ ගෑස් පිපිරීම් වලට හේතුව සිලින්ඩරය බවද ඔහු පවසනවා.

නැවත දැනුම් දෙනතුරු ගෑස් බෙදාහැරීම් සහ අලෙවිය අත්හිටුවා ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ගත් බවයි සමාගම පවසන්නේ.

ගෑස් අනතුරුවල වගකීම සම්පූර්ණයෙන් ලිට්රෝ සමාගම බාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

අදාල සමාගමේ දුර්වලතා නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවයි ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

Read more

Local News