අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව චීන යුවාන් මුදල් වඩාත් ශක්තිමත් වී ඇති බව වාර්තා වනවා.
ලෝකයේ විශාලතම ආර්ථික වෙළඳ පොළක් හිමි දෙවන රට චීනයයි.
මේ වන විට චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෝක ආර්ථික බලවතා වීමේ කරට කර තරඟයක නිරත වන බවයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ.



