ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ අවසන් කටයුතු අද – අපේ හමුදාපතිත් අවසන් ගෞරවය සඳහා ඉන්දියාවට

Share

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් මහතාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා ගොස් තිබෙනවා.

බිපින් රවාට් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද අද එක් වුණා.

මෙම හෙලිකොප්ටර් අනතුර පිලිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ වන විට ත්‍රිවිද හමුදා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මෙම හෙලිකොප්ටර් යානා අනතුරෙන් 13 දෙනෙකු මිය ගියා. ඒ අතර ජෙනරාල් බිපින් රවාට් මහතාගේ බිරිඳ ද වනවා.

අනතුරට පත් M17 හෙලිකොප්ටර් යානා ඉතා ආරක්‍ෂිත අධි තාක්ෂණික පහසුකම්වලින් සමන්විත බවයි වාර්තා වන්නේ.

ඕනෑම අයහපත් කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට මෙම හෙලිකොප්ටර් යානයට හැකියි.

ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා භාවිත කරන්නේ ද M17 හෙලිකොප්ටර් යානායි.

මෙම හෙලිකොප්ටර් යානා ඉතා ඉහළ ආකාරයෙන් නඩත්තු කරන බව ද වාර්තා වනවා.

Read more

Local News