දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Share

අද (12) උදෑසන 08 සිට සවස 05 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව දියගඟ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගඟ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නල මාර්ගයෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News