අහංගම මාස 11ක බිළිඳෙක් අනපේක්ෂිත ලෙස මිය යයි

Share

කෙසෙල් ගෙඩියක කැබැල්ලක් හිරවීමෙන් අහංගම පොලිස් වසමේ ඇද්දුන්කැළේ පදිංචි මාස එකොළහක් වයසැති බිළිඳෙකු ඊයේ (12) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහංගම පොලිස් වසමේ අංක 56, මැදගේට්ටුව, ඇද්දුන්කැළේ ලිපිනයේ පදිංචි ඩබ්. එච්. ධනුෂ්ක මධුෂංක සහ තිළිණි සමන්තිකා යන දෙපළගේ මාස එකොළහක් වන චලන නිම්සර නැමැති පිරිමි දරුවායි.

කෑමට ලබාදුන් කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවීම හේතුවෙන් මෙම දරුවා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මිය ගොස් ඇතැයි අණාවරණයවී ඇත.

මේ වන විට දරුවාගේ සිරුර ඉදිරි විමර්ශන කටයුතු සදහා ගාල්ල කරාපිටිය රෝහලට යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News