කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සහෝදරයන් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම දරුවන් පසුගිය නොවැම්බර් මස 23 වන දා සිට එලෙස අතුරුදන්ව ඇතැයි පැමිණිල්ල ලැබී ඇත.
පොලිස් මුලස්ථානය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම දරුවන් අවුරුදු 10ක් සහ 12 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක් බවයි.
මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අතුරුදන් වු ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.





