මෙවර ශ්රී පාද වන්දනා සමයේ දී බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු රෙගුලාසි මාලාවක් සඳහන් ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් කොවිඩ් මර්දන එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාරූප පිටපතක් ළග තබාගත යුතු බවට රෙගුලාසියක් පනවා තිබෙනවා.
සිරිපා වන්දනා සමය මේ වසරේ දෙසැම්බර් 18 වැනි උඳුවප් පොහෝ දා සිට 2022 මැයි 16 වෙසක් පොහොය දක්වා ක්රියාත්මක වනවා.


