කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවන දිනටත් විභාග කිරීම ආරම්භ වුණා.
අදාළ පෙත්සම් විභාගය අඟවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල් .ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දී විභාගයට ගෙන ඇත්තේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නිතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.



