ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමඟ ඊශ්‍රායලය කොවිඩ් පස්වන රැල්ලක් අභියසට පැමිණ ඇති බව අගමැති නෆ්තාලි බෙනට් පවසනවා.
ඒ අනුව එන්නත් කිරීම වේගවත් කිරීමටයි එරට බලධාරින් කටයුතු කර ඇත්තේ.
අගමැතිවරයා පවසන්නේ ඊශ්‍රායලයෙන් පළමු ඔමික්‍රෝන් රෝගියා වාර්තා වීමත් සමඟ සති කීපයක් ඇතුළත ඔමික්‍රෝන් ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහළ ගිය බවයි.
මේ වන විට ඊශ්‍රායලයේ ඔමික්‍රෝන් රෝගීන් 134ක් වාර්තා වී තිබෙනවා.
තවත් රෝග ලක්ෂණ සහිත නිල වශයෙන් වාර්තා කර නැති රෝගීන් 300කට අධික පිරිසක් හඳුනා ගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
අමෙරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම ද ඊශ්‍රායල පුරවැසියන්ට තහනම් කර තිබෙනවා.



