කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයක දී විශ්ව විද්‍යාලයේ කුලපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි ලබා ගැනීම සිසුන් පිරිසක් ප්‍රතික්ෂේප කළා.
ඒ සම්බන්ධයෙන් සර්ව ආගමික සමුළුවේ ආගමික නායකයින් ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
එහිදී ආගමික නායකයින් අවධාරණය කලේ විනයක් නැති වීම සමාජ පිරිහීමට ප්‍රධාන හේතුවක් වන බවයි.



