මැඩගස්කරයේ යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් 60 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.
යාත්‍රාවේ මගීන් 130 දෙනෙකු ගමන් ගෙන ඇති අතර ඉන් 45 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නීති විරෝධී ලෙස මගීන් රැගෙන ගිය භාණ්ඩ ප්‍රවාහනය කරන යාත්‍රාවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.



