ගෑස් ආශ්රිත පිපිරීම් සහ ගිනි ගැනීම් එකක් දෙකක් වෙන කොට හැමෝටම තේරුණා මේ ගෑස්වල වෙනසක් නිසා සිද්ධ වෙනවා කියලා.
එත් ඒ ගැන කියන්න ඇමතිවරු, මේ පිළිබඳ සොයන ආයතන සහ බලධාරීන් ඉදිරියට ආවේ නැහැ. ගෑස් පිපිරෙන්න අරන් මාස තුනක් ගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි, දැන් ඒ බව තහවුරු වී තිබෙනවා.
ගෑස් ආශ්රිත සිදුවීම් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව ඊයේ ප්‍රථම වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ ගෑස් සංයුතියේ වෙනසක් නිසා පිපිරීම් සහ ගිනිගැනීම් සිදුව ඇති බවයි.



