අවම බස් ගාස්තුව රුපියල් 25ක් කරන්න – බස් සංගම් ඉල්ලයි

Share

පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් සහනාධාරයක් හෝ ලැබෙන්නේ නැත්නම් ඉදිරියේ දී බස් ගාස්තු ඉහළ දැමීමට සිදු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් පවසනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සමස්ථ ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා,

” අපි රජයට යෝජනා කරනවා පොදු ප්‍රවාහනය සඳහා පමණක්වත් ඩීසල් සහනාධාරයක් වහාම ලබා දෙන්න කියලා. එහෙම රජය ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නේ නැත්නම් අනෙකුත් විකල්පය මොකක්ද බස් ගාස්තු සංශෝධනයකට යාම පමණයි. රුපියල් 14ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 25 දක්වා වැඩි විය යුතුයි. ඊට අමතරව අනෙකුත් සියලුම ගාස්තු ප්‍රතිශතයන් 25% කින් වැඩි කරන්න ඕනේ.”

Read more

Local News