ඉන්ධන මිළ ඉහළ දැමීමට එරෙහිව ඊයේ දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වුණා.
මාවතගම මල්ලවපිටිය ප්‍රදේශයේ සහ මරදාන දුම්රියපොළ ඉදිරිපිට දී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පන්දම් රැගෙන විරෝධතා ව්‍යාපාර පැවැත්වූවා.
ඉහළ ගිය ඉන්ධන මිළට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පොළ අසල දී පැවැත්වුණා.
කෑගල්ල මධ්‍යම වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ තවත් විරෝධතාවයක් පැවැත්වුණා.
එසේම කිරිබත්ගොඩ නගරයේත් ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
මේ අතර ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ රජයේ ඇමතිවරුන් කසාය බිව්ව ගොලුවන් ලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බන්ඩාර මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහා ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.



