සෙස්නා සැහැල්ලු වර්ගයේ ගුවන් යානයක් කිඹුලාපිටිය හයේ කණුව ප්‍රදේශයට කඩා වැටේ

Share

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා සිදු කරන සකුරා ඒවියේෂන් සමාගමට අයත් සෙස්නා වර්ගයේ සැහැල්ලු ගුවන් යානය කඩා වැටී තිබෙනවා.

ඒ කිඹුලාපිටිය හයේ කණුව ප්‍රදේශයේ දී.

මෙම ගුවන් යානය සීගිරියේ සිට කොග්ගල දක්වා අභ්‍යන්තර ගුවන් ගමනක යෙදී සිටි අතර තුර එංජිමේ හටගත් කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ යානය තුළ ගමන් ගත් ලෙබනන් ජාතිකයින් දෙදෙනා සහ ගුවන් නියමුවන් දෙදෙනා සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read more

Local News