කොවිඩ් සීමාවන්ට එරෙහිව ජර්මනියේ විරෝධතා දිගටම

Share

කොවිඩ් සීමාවන්ට එරෙහිව ජර්මනියේ තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා.

සමහර විරෝධතා ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් හා පොලීසිය අතර වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගිලන්රථ 12කට ද විරෝධතාකරුවන් හානි සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජර්මනිය තුළ පසුගිය අගහරුවාදා සිට ඉතා දැඩි දුරස්ථ සීමා ක්‍රියාත්මක වීම ආරම්භ වුවා. ඊට එරෙහිවයි එරට බොහෝ පිරිස් විරෝධතා දක්වන්නේ.

නව කොවිඩ් නීති යටතේ එන්නත් ගත් හා සුවය ලැබූ අයට උපරිම ලෙස රැස් විය හැක්කේ දසදෙනෙකුට පමණයි.

එන්නත් නොගත් අය සිටින නිවෙස් වෙත එක් වරකට යා හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කිරීමට ජර්මන් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read more

Local News