මිරිහාන කිරිපිටි වෙළඳසැළකට සීල් තැබූ කථාව අසත්‍ය බව පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

Share

මිරිහාන ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළඳසැළකට සීල් තැබූ කථාව අසත්‍ය බව පොලිස් මූලස්ථාන නිවේදනය කරනවා

මිරිහාන ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළදසැළකට පොලිසිය කඩාපැන එය සීල්තබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව ශ්‍රි ලංකා පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසිය අපකීර්තියට පත් කිරිමේ අරමුණින් මෙවැනි ප්‍රචාර සිදුකරන බවට නිරික්ෂණය වී ඇති බවයි.

පැල්වත්ත කිරිපිටි සමාගමේ නිෂ්පාදන මිල දී ගැනීමට මහජනතාව දිගු පොලිම්වල රැඳී සිටීමට හේතුව කුමක් ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට උපදෙස් ලබා දී ඇති බව ද පොලිසිය පවසනවා.

මේ පිළිබඳ සිදුකළ සොයාබැලීමක දී අනාවරණය වී ඇත්තේ මිරිහාන ජුබිලි කණුවේ පිහිටි අලෙවි මධ්‍යස්ථානයේ කිරිපිටි නිකුත් කිරිම සඳහා එක් කවුළුවක් පමණක් යොදාගැනීම හේතුවෙන් දිගු පොලීම් නිර්මාණය වී ඇති බව යි.

Read more

Local News