ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් තවත් අවුරුදු 50 කට ඉන්දියාවේ අයි ඕ සී සමාගමට – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

Share

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අනූ නවයෙන් 14 ක් තවත් අවුරුදු 50 කට ඉන්දියාවේ අයි ඕ සී සමාගමට ලබා දෙන බව බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඉතිරි තෙල් ටැංකි හැට එකෙන් සීයට 51 ක කොටස් ඛනිජ තෙල් සංස්ථාවට අයත් වන බවයි ඇමතිවරයා පවසන්නේ.

එම තෙල් ටැංකි හැටේ සීයට 49 ක කොටස් නව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනෙල් සමාගමට පැවරෙනවා.

අමාත්‍යවරයා මේ තොරතුරු ප්‍රකාශ කළේ අද පවති මාධ්‍ය හමුවේදීයි.

Read more

Local News