ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමා තිබෙනවා.
ඒ මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහාසංඝසභාව විසින්.
මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



