රුසියාවේ බස් රථ අනතුරකින් පස් දෙනෙකු මිය ගොස් 21 දෙනෙකුට තුවාල

Share

රුසියාවේ මොස්කව් නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බස් රථය දුම්රිය පාලම් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මිය ගිය අය අතර බස් රථයේ රියදුරු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News