කසකස්ථානයේ පෙට්‍රල් මිල ඉහළ යාම නිසා සති දෙකක හදිසි තත්ත්වයක් – පොලිස් පහරදීම් සහ අත්අඩංගුවට ගැනීම් ද සිදු වෙයි

Share

කසකස්ථානයේ ඉන්ධන මිල පසුගිය දිනවල ඉහළ ගීයා. එමෙන්ම ඉන්ධන පෝලිම් ද ඇති වුණා.

ඒ සමගම වීදි බට ජනතාව රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරත වුණා.

සමහර උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී වූ අතර ඒවා මර්දනය සඳහා කඳුළු ගෑස් සහ පහරදීම් සිදු කළ බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂකයින්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පොලිස් රථ තුළට ඇද දැමූ බවයි වාර්තා වෙන්නේ.

අවසානයේ දී මේ තත්ත්වය පාලනය සඳහා රට තුළ හදිස්සි තත්වයක් ප්‍රකාශ කිරීමට කසකස්ථාන ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News