අමෙරිකාවේ නව ඔමික්‍රෝන් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් රෝහල් ධාරිතාව වාර්තාගත ලෙස ඉහළට

Share

අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් රෝගීන් රෝහල් ගත කිරීම ඉහළ ගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් රෝහල් ගත කර ඇති බවයි.

දිනකට කොවිඩ් ආසාදිත රෝගීන් 21,000ක් පමණ රෝහල් ගත වන බවයි රෝග පාලන හා වැළක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

පැතිර යන නව ඔමික්‍රෝන් වෛරසය පාලනයට ජෝ බයිඩ්න් මුහුණු ආවරණ මිලියන 400 ක් එරට ජනතාවට නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News