අමෙරිකා එක්සත් ජනපද රෝග පාලන සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය විසින් කොවිඩ් රෝගීන් ඉහළ යෑම නිසා රටවල් කිහිපයක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙක්සිකෝව, බ්‍රසීලය, සිංගප්පූරුව, ඉක්වදෝරය, පිලිපීනය සහ පැරගුවේ යන රටවල් ඉන් කිහිපයක්.
මෙලෙස අමෙරිකා එක්සත් ජනපද රෝග පාලන සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය රතු ලැයිස්තුවට රටවල් එක්කර ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙනුයි.
එන්නත් නොකළ අමෙරිකානුවන් හට අත්‍යාවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස එරට රෝග පාලන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම දකුණු අප්‍රිකානු රටවල් කීපයක් සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබෙනවා.



